Home News Breaking පාහියන්ගල ලෙන නායයෑමේ අවධානම ඉවතට – පැමිණෙන සංචාරකයන් සීමා කිරීමට පියවර

පාහියන්ගල ලෙන නායයෑමේ අවධානම ඉවතට – පැමිණෙන සංචාරකයන් සීමා කිරීමට පියවර

127 views
SHARE

පාහියන්ගල ලෙන සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වී ඇති බව අධ්‍යපන අමාත්‍යංශය සඳහන් කළේය.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාහියන් ලෙන ආශ්‍රිත කලාපය නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වුණා.

පසුව සිදු කල පරීක්ෂණයකින් අනතුරුව අනාවරණය වී තිබෙන්නේ පාහියන්ගල ලෙන නායයෑමේ අවදානමක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ විද්වතුන්ගෙන් යුත් කමිටුවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් පත් කරනු ලැබුවා.

එම කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයට අනුව අනාවරණය වී ඇත්තේ පාහියන්ගල ලෙන ඉදිරිපිට 2008 වසරේ සිට සියුම් ලෙස ඉරි තැලීමක් සිදුව ඇති බවයි.

එහෙත් පාහියන්ගල ලෙන නායයැමේ අවදානමක් නොමැති බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඇති විය හැකි අවදානම වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම කලාපය සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් පාහියන්ගල නැරඹීමට පැමිණෙන දෛනික සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමටත් මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site