Home News Breaking වෛද්‍යවරියකට පහර දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට

වෛද්‍යවරියකට පහර දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට

110 views
SHARE

මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක වන සිය බිරිදට කෲර වධහිංසා පමුණුවමින් දිගින් දිගටම පහරදීම් සිදු කළේයැයි කියන එම රෝහලේම වෛද්‍යවරයෙකු මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩගුවට ගෙන තිබෙනවා.

මෙම වෙද්‍යවරයා විසින් සිදු කර ඇතැයි කියන පහරදීමකින් පසු ප්‍රතිකාර සදහා අදාළ වෛද්‍යවරිය මහනුවර මහරෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන්පසු සැකකාර වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා විසින් සිය බිරිදට එල්ල කළ පහරදීම් හා වධහිංසා පිළිබද පසුගිය සති දෙක තුළ පමණක් මහනුවර පොලීසියට පැමිණිලි තුනක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙයට පෙරද මෙවැනි පහරදීම් හා වධහිංසා පිළිබදව වෛද්‍යවරියගෙන් පොලීසියට පැමිණිළි රැසක් ලැබී තිබෙනවා.

දිගින් දිගටම සිදුවන මෙම වධහිංසා හා පහර දීම් පිළිබදව විමර්ශණය කළ පොලීසිය සැකකාර වෛද්‍යවරායා අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site