Home C Gossip M.S.ගේ ගීත ගයා උසාවි ගිය M.G.ට අධිකරණයෙන් දුන් තීන්දුව

M.S.ගේ ගීත ගයා උසාවි ගිය M.G.ට අධිකරණයෙන් දුන් තීන්දුව

1,996 views
SHARE

එම්.ජී. ධනුෂ්ක විසින් අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත ගායනා කළ බවට කල චෝදනාවන් පිළිගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම්.එස්. ප්‍රනාන්දුගේ පවුලේ අයට රුපියල් තුන්ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමෙන් පසු ඔහු කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඊයේ (12) නියෝග කරනු ලැබුවා.

වසර 03ක් යනතෙක් එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා නොකරන ලෙසට එම්.ජී. ධනුෂ්ක හට ඊයේ (12) නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කළේ.

අධිකරණය හමුවේ මෙම නඩුව ඊයේ (12) කැඳවූ අවස්ථාවේ මුල් අවස්ථාවේදීම වරද පිළිගත් එම්.ජී. ධනුෂ්ක මින් ඉදිරියට එම්.එස්. ප්‍රනාන්දුගේ පවුලේ අයට අගතියක් වන අයුරින් ඔහුගේ ගීත ගායනා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට දන්වනු ලැබුවා.

මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත්, නැවත එම ගීත ගායනා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයකින් කරුණු දැක්වීමත්, වන්දි මුදල් ගෙවීම හා වයස සලකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් එම්.ජී. ධනුෂ්ක කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට එසේ නියෝග කලේ.

නිසි අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත ගායනා කරන බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත රහස් පොලිසිය බුද්ධිමය දේපළ පනත යටතේ එම්.ජී. ධනුෂ්කට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site