Home News Breaking රාජගිරියේ පාලම් නියමිත දිනට කලින් විවෘත වන ලකුණු

රාජගිරියේ පාලම් නියමිත දිනට කලින් විවෘත වන ලකුණු

409 views
SHARE

2018 දෙසැම්බර් මාසයේදී වීවෘත කිරීමට සැලසුම් කර තිබු රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම් දෙකම නියමිත කාලයට පෙර, එනම් මේ වසරේ දෙසැම්බර් මාසය විවෘත කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

කොටස් දෙකක් ලෙස පාලම් දෙකක් සෑදීමට කටයුතු කර ඇති බැවින් එහි එක් පාලමක වැඩ නිමකිරීමට නියමිතව පැවතියේ 2018 දෙසැම්බර් මාසයේදී බවද , නමුත් මේවන විට එම කොටස් දෙකේම වැඩකටයුතු කාර්යක්ෂමව සිදුවන බවත් රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත වැඩබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එම නිසා 2018 දෙසැම්බර් මාසයේ නොව මෙම වසරේ දෙසැම්බර් මාසයේ එය විවෘත කිරීමට හැකි බවයි ඔහු අවධාරණය කර සිටියේ.

එ අනුව මෙම ව්‍යාපෘතිය සැලසුම් කළ සම්පූර්ණ කාලයට ප්‍රථමයෙන් නිමා කරන බැවින් කලින් ඇස්තමේන්තු කළ බිලියන 4.5ට වඩා අඩු මුදලකින් නිමා කළ හැකිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site