Home C Gossip නිවසේ දිරාපත් වෙමින් තිබූ බොලිවුඩ් නිළියකගේ මළසිරුරක් හමුවෙයි PHOTOS

නිවසේ දිරාපත් වෙමින් තිබූ බොලිවුඩ් නිළියකගේ මළසිරුරක් හමුවෙයි PHOTOS

766 views
SHARE

තිස් හැවිරිදි බොලිවුඩ් නිළියක වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර සුබුර්බන් අන්දීරෛහි ඇගේ නිවසේදී ඊයේ (12) හමු වූ බව පොලිසිය සඳහන් කළා.

පොලීසිය මෙම මරණය ඝාතනයක් බවට සැක කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.

ක්‍රිතිකා චෞද්‍රිගේ නිවස දෙසින් දුර්ගන්ධයක් එන බවට අසල්වාසීන්ගෙන් ආ පැමිණිලි අනුව මළ සිරුර සොයා ගෙන ඇති අතර අන්දීරෛ බටහිර බංගලා හතරකින් සමන්විත භෛරවනාත් නිවාස පෙළෙහි ඇය පදිංචිව සිට තිබෙනවා.

නිවසේ දොර කඩා එහි පොලිසිය ඇතුළු වුවද ගෙවුණු දින තුනක් හෝ හතරක කාලයක් තුළදී නිවස අඟුළු ලා තිබුණේ පිටතින් බවද හඳුනා ගෙන ඇතැයි සඳහන්.

දිරාපත් වෙමින් තිබූ ක්‍රිතිකාගේ මළසිරුර පසුව රංගන ශිල්පිනියගේම බවද හඳුනාගෙන ඇති අතර අම්බෝලි පොලිසිය පවසන්නේ තවමත් මිනීමරුවා හඳුනාගෙන නොමැති බවයි.

ක්‍රිතිකා චෞද්‍රි, හරිද්වාර්හි සිට පැමිණ රංගන වෘත්තීයේ නිරත වූ අතර මෑතකදී කන්ගනා රනෝත් සමග රඟපෑ “රජ්ජෝ” ඇගේ රසික ප්‍රතිචාර වැඩියෙන් ලබා ගත් නිර්මාණය ද වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site