Home News Sports පාකිස්ථානය ඊයේ තරගය දින්නත් දඩ කෑ හේතුව

පාකිස්ථානය ඊයේ තරගය දින්නත් දඩ කෑ හේතුව

249 views
SHARE

2017 චැම්පියන්ස් කුසලානයේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ (13) පැවති තරගයේදී අඩු පන්දුවාර වේගය නිසා පකිස්තාන කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම සිය නියමිත කාලය තුළ යවා අවසන් කර ඇත්තේ පන්දුවාර 49 ක් පමණක් වන නිසා තරග තීරකවරයා විසින් මෙම දඩය නියම කල බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නායකත්වය දැරූ සප්‍රාස් අහමඩ්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සීයයට විස්සක් ද, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සීයයට දහයක් ද දඩ ලෙස නියම කර තිබෙනවා.

අයි.සී.සී රෙගුලාසිවලට අනුව මෙම තරගාවලිය තුළ නැවත වරක් පකිස්තාන කණ්ඩායම මෙම වරද සිදු කළහොත් නායක සප්‍රාස් අහමඩ්ට එක් තරගයක් සඳහා තරග තහනමක් ද පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site