Home News Breaking දෙමළ වැසියන් “ලේ” දීම ප්‍රතික්ෂේප කල විට උතුරේ රෝගීන්ට ‍”ලේ” දුන් දෙවිවරු

දෙමළ වැසියන් “ලේ” දීම ප්‍රතික්ෂේප කල විට උතුරේ රෝගීන්ට ‍”ලේ” දුන් දෙවිවරු

280 views
SHARE

කුල ප්‍රශ්නයක් හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය දෙන්නැයි ‍පොසොන් ‍පොහෝ දින යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ‍ලේ පරිත්‍යාග කර ඇති බව වාර්තා වනවා.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා හමුදා සෙබළුන් ‍ලේ පයින්ට් 170ක් දී ඇති අතර පසුගිය සිකුරාදා (09) සවස් වන විට ‍ලේ පයින්ට් 100ක් ලබාදී ඇති බව සඳහන්.

උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ‍ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ‍ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල පේදුරුතුඩුව, තෙලිප්ප‍ලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවා.

හමුදා භට පිරිස් මෙසේ ‍ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ‍ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බවයි උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site