Home News Breaking අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඥානසාර හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඥානසාර හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

200 views
SHARE

සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගල‍ගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකය විසින් සිදු කරන පරීක්ෂණ අවසන් කරන තෙක් හෝ තමන් වහන්සේ සම්බන්ධ බව කියන විමර්ශන සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස උන්වහන්සේ අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු හතර දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වනවා.

විමර්ශන අවසන් කිරීමකින් තොරව එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදු විය හැකි බවට පෙන්වාදෙන එම හිමියන්, ඒ බවට ප්‍රකාශයක් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site