Home News Sports සිහිනය බොඳ වුනත් ජයග්‍රාහී ලීලාවෙන් ලාංකික ක්‍රිකට් තරු අද දිවයිනට

සිහිනය බොඳ වුනත් ජයග්‍රාහී ලීලාවෙන් ලාංකික ක්‍රිකට් තරු අද දිවයිනට

137 views
SHARE

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පළමු වටයෙන් ඉවත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14දා) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන් අනතුරුව අද පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් සඳහාද ඔවුන් එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පාකිස්තාන කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ඕවල් පිටියේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇති.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ විමට නියමිතව තිබෙනවා.

පාකිස්ථානය සමඟ පැවති තරගයේ දුර්වල පන්දු රැකීමේ විලාසය නිසා අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා.

කෙසේවෙතත් පසුගියදා පැවති ඉන්දු ශ්‍රී ලංකා ගැටුමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්වූ ඉහළ දක්ෂතා ද මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site