Home News Breaking ව්‍යාජ අංක තහඩු නිසා කම්කරු රාජ්‍ය ඇමතිට හා ලේකම්ට උසාවි නියෝග

ව්‍යාජ අංක තහඩු නිසා කම්කරු රාජ්‍ය ඇමතිට හා ලේකම්ට උසාවි නියෝග

153 views
SHARE

ව්‍යාජ අංක සහිත වාහනයක් භාවිත කිරීම සහ අනවසරෙන් චැසි අංක වෙනස් කළ වාහනයක් භාවිත කිරීම යන චෝදනා යටතේ කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරට සහ ඔහුගේ ලේකම්වරයෙකු යයි කියන එම්.ජී පාලිත නමැත්තාට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බොරැල්ල පොලීසියට නියෝග කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් ඊයේ (14) මෙම නියෝගය කළ ඇති අතර පැමිණිල්ල ලබන ජූලි 19 අධිකරණයෙ හමුවේ ගොනුකරන ලෙස සහ එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරයාට හා ඔහුගේ ලේකම් යයි කියන පුද්ගලයාට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ල ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site