Home News Breaking අඩි පහක් දිග උලක් ඇනී මරණය සමඟ සටන් කල අයෙක්ට විස්මිත සැත්කමක්...

අඩි පහක් දිග උලක් ඇනී මරණය සමඟ සටන් කල අයෙක්ට විස්මිත සැත්කමක් PHOTOS

310 views
SHARE

පොල් ගසකින් ඇදි වැටී සිවු දරු පියෙකුගේ වම් කකුලේ කලවා ප්‍රදේශය පසාරුකර ගෙන ඇනී තිබු අඩි පහක් පමණ දිග උලක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී විස්මිත සැත්කමකින් ඉවත් කිරිමට එම රෝහලේ නහර හා අවයව බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි සමත්වී තිබෙනවා.

මෙම විස්මිත සැත්කම නිසා මරණින් බේරී නැවත ජීවත්වීමේ වාසනාව හිමිකර ගෙන ඇත්තේ අගුණකොලපෑලැස්ස උස්වැව පදිංචි එදිරිගේ පියසිරි නැමැති පනස් පස් හැවිරිදි සිව්දරු පියෙක්.

12 වැනි දින මොහු එම ප්‍රදේශයේ වත්තක ගසක පොල් කඩා බහින විට අඩි 35ක් පමණ උසකින් ඇද වැටී ඒ අසල ඇති වැටක ගිනිසීරියා ගසක් මතට වැටි තිබෙනවා.

එම ඇද වැටීමේදී මොහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශය පසාරු කර ගෙන ගොස් එම ගිනිසීරියා උල ඇනී තිබු බව වාර්තා වනවා.

ඊට පසු තුවාලකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුලු කිරීමෙන් පසුව උලත් සමග 12 වැනි දිනම සවස කරාපිටිය ශීක්ෂණ රෝහලට තුවාලකරු මාරු කර යැවුනා.

කරාපිටිය ශීක්ෂණ රෝහලේදී පැය දෙකහමාරකදී කරන ලද විස්මිත සැත්කමකින් පසුව කකුලේ ඇනී තිබූ උල ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍ය රංජුක උබේසිරි ඇතුලු වෛද්‍ය කණ්ඩායමට හැකියාව ලැබුණු බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site