Home News Breaking උණුසුම්වූ නානුඔය පාලනයෙන් පසු පොලිස් ස්ථානාධිපති ඇතුලු පිරිසට ලැබුණු උණුසුම PHOTOS

උණුසුම්වූ නානුඔය පාලනයෙන් පසු පොලිස් ස්ථානාධිපති ඇතුලු පිරිසට ලැබුණු උණුසුම PHOTOS

348 views
SHARE

නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු රථ වාහන අංශයේ නිලධාරීන් මධ්‍යම පළාත් නියෝජ්‍ය ජේ්‍යෂ්ඨ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි තාවකාලික ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඔවුන් එසේ නුවරඑළිය මූලස්ථාන පොලීසිය වෙත අනියුක්ත කළ බවයි නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දසනායක සඳහන් කළේ.

මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ අද උදෑසන නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනයවූ ටිපර් රථයක ගැටීමෙන් පාසල් දැරියක් මියයාමේ සිද්ධියත් සමඟයි. මෙම සිදුවීමත් සමග නානුඔය නගරයේ කලහකාරී තත්වයක් හටගත් අතර ප‍්‍රදේශවාසීන් ටිපර් රථයට ගිනිතබා රථ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල කර තිබුනා.

මෙම තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ප‍්‍රදේශ කිහිපයකින් පොලිස් කණ්ඩායම් ද නානුඔය ප‍්‍රදේශයට කැඳවීමට පියවර ගෙන තිබෙනු දක්නට ලැබුනා. නොසන්සුන්කාරී තත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නානුඔය පොලීසිය ප‍්‍රකාශ කල අතර අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා නුවරඑළිය දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු බලංගොඩ වෙලේකුඹුරේ පදිංචි පුද්ගලයෙක් බව සදහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site