Home News Breaking පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ මහ මොළකරු අත්අඩංගුවට

පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ මහ මොළකරු අත්අඩංගුවට

253 views
SHARE

පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගිවූ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක් ඝාතනයට ලක්වුණා.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකොට ඊයේ (15) දින මැදිරිගිරිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඉකුත් මැයි මස 09 වන දින පිළියන්දලදී සිදුවූ මෙම අපරාධ සිද්ධියට අදාළව මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සඳහා පැමිණි යතුරුපැදිය ධාවනය කරවීම, මනුෂ්‍ය ඝාතන කිරීමට කුමන්ත්‍රණ කිරීම, ආධාර අනුබලදීම හා මනුෂ්‍ය ඝාතනය සිදුකිරීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 10 ක්ද පොලීසිය බාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (16) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site