Home News International ලන්ඩනයේ ගින්නට හේතුව අබලන් ශීතකරණයක් දැයි සැකයක්

ලන්ඩනයේ ගින්නට හේතුව අබලන් ශීතකරණයක් දැයි සැකයක්

162 views
SHARE

ලන්ඩනයේ නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලේ ගින්නට හේතුව සිව්වැන මහලේ නිවසක තිබූ දෝෂ සහිත ශීතකරණයක් බව විශ්වාස කරනවා.

සිවුවැනි මහලේ 16 වැනි නිවසේ වාසය කළ බිහෙයිලු කෙබේඩේ නමැති ටැක්සි රථ රියදුරාගේ මුළුතැන්ගෙයි ගින්නක් ඇති වී තිබෙන අයුරු දුටු විගස ඔහු ඒ පිළිබඳව අසල්වාසීන් දැනුවත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ගින්න පිළිබඳ දැනුවත් වී විනාඩි 15ක් පමණ ගත වනවිට එය ඉතාමත් වේගයෙන් ගොඩනැගිල්ල පුරා පැතිර යාම සිදුව ඇති අතර, අලුයම 1.30 පමණ වනවිට ගොඩනැගිල්ල ගින්නෙන් වසා ගෙන තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුවන බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය පවසනවා.

මේ වනවිට සිද්ධියෙන් මියගිය පිරිස 17ක් ලෙස නිල වශයෙන් පැවසුණද, අතුරුදන් වූ පිරිස් සමග 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site