Home News Breaking රිය අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක හා රියදුරා ජීවිතක්ෂයට

රිය අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක හා රියදුරා ජීවිතක්ෂයට

123 views
SHARE

ඒ නවය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක හා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එම අනතුරින් දොළොස් දෙනෙකු තුවාල ලබාඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යාපනය නුවර මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි අනතුර සිදුවුණේ.

ත්‍රී රෝද රථයේ ගමන් ගත් භික්ෂූන් වහන්සේ හා රියදුරු බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවුණා.

උන්වහන්සේ හා රියදුරා එහිදී ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

සෙසු තුවාලකරුවන් දොළොස් දෙනා මැදවච්චිය හා වව්නියාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site