Home News Breaking දුම්රියට ගෙල තැබූ සිසුවිය ගැන පියා හා රියදුරාගේ ප්‍රකාශ පරස්පරයි

දුම්රියට ගෙල තැබූ සිසුවිය ගැන පියා හා රියදුරාගේ ප්‍රකාශ පරස්පරයි

716 views
SHARE

කොට්‌ටාව දුම්රිය ස්‌ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක හිස කඳින් වෙන්වී මියගොස්‌ සිටියදී හමුවූ කොළඹ ජනප්‍රිය බාලිකා විදුහලක සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයේ දී ඇගේ පියා ප්‍රකාශ සිදු කර තිබෙනවා.

ඔහු පවසන්නේ සිය දියණිය කවුරුන් හෝ පැහැරගෙන පැමිණ මේ අපරාධය කළේ ද යන්න තමන් සැක කරන බවයි.

“කෝච්චියට බෙල්ල තියලා දිවි හානි කරගන්න තරම් ප්‍රශ්නයක්‌ මගේ දුවට තිබුණේ නැහැ. දුවගේ මරණය මට සැකයි. දුව කව්රුහරි පැහැරගෙන ඇවිත් මේ අපරාධය කරන්න ඇති කියලා හිතනවා. දුව මැරෙන්න කලින් මගේ බිරිඳට හා බාල පුතාට “මා දැන් එන ගමන්” කියලා කතා කරලත් තියෙනවා.” යනුවෙන් ඇගේ පියා වන ව්‍යාපාරික කපිල ජයසේකර පොලිසියේදී පවසා තිබෙනවා.

එහෙත් කැලණිවැලි දුම්රියේ රියදුරු පොලිසියට පවසා ඇත්තේ මෙම සිසුවිය දුම්රිය මාර්ගයේ ගෙල තබාගෙන සිටි බවයි.

පෙරේදා (14 වැනිදා) රාත්‍රීයේ නුගේගොඩ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී නැවත නිවෙස් බලා එන අතරතුර ඇය මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබුනා.

සැකසහිත ලෙස මෙසේ මියගොස්‌ තිබුණේ ජීව විද්‍යා අංශයෙන් අපොස උසස්‌ පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටි පන්නිපිටිය, මාකුඹුර පදිංචිව සිටි සවින්දි පබසරා ජයසේකර නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site