Home News Breaking කැලණිය විශ්වවිද්‍යාලය අද සිට වසා දමයි – හේතුව මෙන්න

කැලණිය විශ්වවිද්‍යාලය අද සිට වසා දමයි – හේතුව මෙන්න

191 views
SHARE

උණ හා පාචනය රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය අද දහවල් 12 සිට ජූනි මස 27 දක්වා වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වනවා.

විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය හැර සෙසු සියලු පීඨ මේ අනුව වසා දැමෙන බවයි පාලනාධිකාරිය සඳහන් කළේ.

අද පෙරවරුවේ විශ්වවිද්‍යාලයේ දේශන පැවති අතර, නේවාසිකාගාරවල සිටින සියලූම සිසුන්ට අද දහවල් 12 න් පසු ඉවත්වන ලෙස දැනුම්දී තිබෙනවා.

විශ්වවිද්‍යාල මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් පවසා සිටියේ ළමුන්ට මෙම රෝගය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

කෙසේවෙතත් විශ්වවිද්‍යාලය වසා දැමුණ ද සති අන්ත පශ්චාන් උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site