Home News Breaking “කළුතරට හා රත්නපුරට නැවතත් මි.මී.100 වැසි”

“කළුතරට හා රත්නපුරට නැවතත් මි.මී.100 වැසි”

237 views
SHARE

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල අද (16දා) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විශේෂයෙන් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට මි.මී.100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව ඌව පළාත, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලද සවස 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග අකුණු සහ තද සුළං ඇති විය හැකි බැවින්, ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site