Home News Breaking ගෘහ සේවයට ගිය කාන්තාව මරා දමා ඇතැයි ඥාතීන්ගෙන් පැමිණිල්ලක්

ගෘහ සේවයට ගිය කාන්තාව මරා දමා ඇතැයි ඥාතීන්ගෙන් පැමිණිල්ලක්

179 views
SHARE

කුවේට් රටේ ගෘහ සේවයට ගිය හලාවත කංජුක්කුලිය වටවන ප්‍රදේශයේ කාන්තාවක මරා දමා ඇති බව කියමින් ඥාතීන් පිරිසක් අද (15 ) හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිරංජි සිරියාවතී ප්‍රනාන්දු නම් එම දෙදරු මව (29) කුවේටයේ ඇය සේවය කළ නිවසේ උදවිය විසින් මරා දමා ඇතැයි සැක කරන බවයි ඥාතීන් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

මෙම කාන්තාව 2014 වසරේ දෙසැම්බර් 28 දින කුවේට් රටේ වසර දෙකක කාලයකට ගිවිසුම් අත්සන් කර ගෘහ සේවයට ගිය බව ද, මාස තුනක් යන තුරුත් ඇගේ කිසිදු තොරතුරක් නොතිබූ බව ද, ඉන් පසු විටින් විට කථා කර සේවය කරන නිවසේ හිරිහැර සිදුවන බව කී බව ද පොලිසියට කළ පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.

එනිසා ලංකාවට තමා ගෙන්වා ගන්නා ලෙසත් නිවෙස් හිමියන් තමන් මරා දමන බවට තර්ජනය කල බවත් වහාම තමා බේරා ගන්නා ලෙස ඇය දින පහකට පමණ පෙර ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ට දන්වා තිබෙන බව ඔවුන් සඳහන් කළා.

සිද්ධිය පිළිබදව අදහස් දැක්වු මරණයට පත්ව ඇති කාන්තාවගේ මව කේ. සුමනාවතී.

“මගේ දුවගේ මහත්තයා මරණයට පත්වුනාට පස්සේ දරුවෝ බලා ගන්න විදිහක් නැති නිසා තමයි කුවේට් රුකියාවට ගියේ . එයාට දුවකුයි පුතේකුයි ඉන්නවා පුතාගේ වකුගඩු දෙකම නරක් වේලා බේහෙත් ගන්නවා .අවුරුදු දෙකකට ගියාට එයාට නිතරම කරදර තිබුනා. දුව මෑතක කථා කරලා කිව්වා එයාට කරදර වැඩියි කියලා. මරන බවටත් තර්ජනය කලා කියලා කිව්වා. ඒ බව විදේශ සේවා එකට පැමිණිලි කළා. නමුත් 15 උදේ කුවේට් තානාපති කාර්යාලයෙන් විදේශ සේවා එකට දන්වා තිබුනා දුව ගෙල වැලදාගෙන මැරුණා කියලා. මේ දරුවාට එහෙම මැරෙන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ. එය අපි පිළිගන්නෙත් නැහැ. මේ දරුවන් දෙන්නාට දැන් අම්මයි තාත්තායි දෙන්නාම නැහැ .අඩු ගානේ විදේශ සේවා එකට කියපු වේලේ නිළධාරින් මේ ගැන සොයා බැලුවා නම් මේ දරුවාගේ ජීවිතය නැති වෙන්නේ නැහැ.” යනුවෙන් ඇය කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site