Home C Gossip “නිරෝෂාගේ” ආදර මතකය ගැන තනිකඩව සිටි ප්‍රින්ස් 2013දී කියපු කතාව

“නිරෝෂාගේ” ආදර මතකය ගැන තනිකඩව සිටි ප්‍රින්ස් 2013දී කියපු කතාව

29,789 views
SHARE

පසුගිය දිනෙක අපෙන් සමුගත් ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මෙලොවින් සමුගන්නා විටත් ගතකළේ තනිකඩ ජිවිතයක්. රටේ කාගේත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ඔහුට පෙම්වතියක් සොයාගන්නට නොහැකි වුනේ මන්දැයි බොහෝ දෙනෙකු තුළ තිබුනේ කුතුහලයක්.

ඒ පිළිබඳව මීට වසර 4කට පමණ පෙර එනම් 2013 වසරේදී ප්‍රින්ස් විසින් තමන්ගේ විවාහය සහ ආදරය ගැන පුවත්පතකට දක්වා තිබු අදහස් කිහිපයක් මේ.

• ප්‍රින්ස්ගේ මුල්ම ආදරය සිහිපත් කළොත්?
ඇල්පිටියේ නවදගල මගේ ගම. ගමේ කනිෂ්ඨ පාසල් දෙකකට පස්සේ මම ගියේ ඇලිපිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට. එහේදි දහයේ පන්තියේදී විතර ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. අවුරුදු දෙකක් වගේ අපි අතරේ ඒ සම්බන්ධය තිබුණා. උසස් පෙළ කරලා තරුණ සේවා සභාවට ඇවිත් අවුරුදු තුනහමාරක් මම එහේ හිටියානේ. එයත් කැම්පස් ගියා. එහෙමම ඉතින් අපේ සම්බන්දේ නැති වුණා. කොහොම වුණාද මන්දා..

• තරුණ සේවා සභාවෙදි?
එහේ නීති තදයි. කා එක්කවත් සම්බන්ධකම් ඇති කරගෙන නෑ.

• ගායකයෙක් වුණාම රසිකාවියෝ ළංවෙන්න ඇති?
මුලින් මම අනුන්ගේ සින්දු කිව්වේ. නිහාල් ගම්හේවා සර් සඳ කුමාරියක්, පෙම්වතුන් සිනාසේ ඇතුළුව සින්දු හතරක් හදලා දුන්නා. තව සින්දු අටක් කරලා සම්පත් ශ්‍රී ජයවික්‍රම (සෙත්සිරි) 1992 දී සඳ කුමාරියක් කැසට්පටය නිකුත් කළාම මම ගායකයෙක් හැටියට ප්‍රසිද්ධ වුණා. දිනපතා ප්‍රසංග ලැබුණා. ඒවායේදි රසිකාවියො මං වටේ පිරුණා. ලියුම් සිය දහස් ගණන් ආවා. ඒත් කාර්යබහුල ජීවිතේ දිගටම ගත කළා මිසක් විශේෂ ආදරයක් ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නෑ.

• පවුලේ අය විවාහයක් ගැන බලපෑම් කළේ නැද්ද?
තාත්තා නැති වුණේ මට අවුරුදු 16දී. එයා සංගීත ගුරුවරයෙක්. අම්මත් (ආර්.පී. ගුරුගේ) ගුරුවරියක්. නංගියි මායි පවුලේ හිටියේ. අම්මා නිතර මට බලපෑම් කළත් මම විවාහය ගැන හිතුවේ නෑ. නංගිත් කියලා තියෙනවා විවාහ වෙන්න කියලා. නංගි බැඳලා දැන් පුතෙකුත් ඉන්නවා.

• හඳහනේ විවාහය ගැන මොනවාද කියලා තියෙන්නේ?
මගේ කේන්දරේට ගැළපෙන ගෑනු ළමයි හොයන්න අමාරුලු. පමා වෙලා විවාහය කෙරේවි කියලත් කිව්වා. ගුරුවරියක් – වෛද්‍යවරියක් එක්ක විවාහ වෙයි කියලත් හඳහන් බලපු අය කිව්වා.

• යුග ගීත ගායනා කරපු අය එක්ක සම්බන්ධකම් ඇති වුණේ නැද්ද?
චන්ද්‍රලේඛා, නිරෝෂා, ශෂිකා, සුභානි, දමිතා අබේරත්න එක්ක තමයි යුග ගීත ගායනා කරලා තියෙන්නේ. දමිතා එක්ක සම්බන්ධයි කියලා රාවයක් ගියා. ඒත් ඒක රාවයක් විතරයි.

• නිරෝෂා විරාජිනී එක්ක ප්‍රින්ස්ගේ සම්බන්ධයක් තිබුණා නේද?
ඇත්තටම නිරෝෂා එක්ක සම්බන්ධයක් තිබුණා. ගෙවල් දෙකම කැමැත්තෙන් හිටියේ. ඒ නිරෝෂාගේ මුල් කාලේ. ඒ විවාහය කෙරෙයි කියලා හිතුවත් කෙරුණේ නෑ.

• නිරෝෂාට ප්‍රින්ස් ආදරය කළා?
ඔව්…. ඒත් ඒ ආදරය විවාහයකින් කෙළවර වුණේ නෑනේ.

• තනියම ඉන්න වෙලාවට මොකද කරන්නේ?
සින්දු හදනවා, වාදනය කරනවා, වෙනත් අයගේ ලස්සන ගීත අහනවා. ඕව තමයි කරන්නේ.

• ලෙඩක් දුකක් වුණාම?
අම්මයි, නංගියි ඉන්නවා. නංගි විවාහ වුණත් පදිංචිය අපේ ගෙවල් ළඟමයි.

• බිරියක් හිටියා නම් මත්පැන්වලින් එහෙම ඈත් වෙන්න තිබුණා නේද?
(සිනාසෙමින්) ඒකත් ඇත්ත තමයි. ඒ වුණත් මම දැන් මත්පැන් නතර කරලා තියෙන්නේ. දැන් නොබී අවුරුදු දෙකක් ඉඳලා තියෙනවා.

• ප්‍රින්ස් උදය ප්‍රියන්ත දිගටම තනිකඩව ඉඳීවිද?
දෛවය මොන විදියට ඒක තීරණය කරයිද මම දන්නේ නෑ. විවාහ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site