Home News Breaking උණ රෝහලේ ගැටළුව මාධ්‍ය සන්දර්ශනයක් කරගනිමින් GMOA දේශපාලනයේ නිරතවෙයි

උණ රෝහලේ ගැටළුව මාධ්‍ය සන්දර්ශනයක් කරගනිමින් GMOA දේශපාලනයේ නිරතවෙයි

326 views
SHARE

අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් උණ රෝහලේ මතුවූ ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් විසඳුම් ඉදිරිපත් කර තිබියදීත් රජයේ වෛද‍්‍ය නිළධාරින්ගේ සංගමය විවිධ ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමඟ යවමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

එය හුදෙක් මාධ්‍ය සන්දර්ශනයක් බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඩෙංගු උණ රෝගය වැළදී පැමිණෙන රෝගීන් කළමනාකරණය කිරිමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති අතර රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය වර්තමානයේ වෘත්තිය අයිතීන් දිනා ගැනීම පසෙකලා දේශපාලන ව්‍යාපාරවල නිරත වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඩෙංගු ජනාධිපති කාර්යය සාධක බලකාය වහාම කැඳවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් කරන අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය කිරිම පිළිබඳව ද තමන් ජනාධිපතිවරයා දැනුවත් කළ බව සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site