Home News Breaking හය ලක්ෂ අනූ දහසක මුදලක් වංචා කරමින් හෙදියක් කල හදියක්

හය ලක්ෂ අනූ දහසක මුදලක් වංචා කරමින් හෙදියක් කල හදියක්

202 views
SHARE

මහනුවර මහ රෝහලේ තමන් සමග එකම වාට්ටුවේ සේවය කරමින් සිටි ඥාති සොහොයුරියට මත් බීමක් ලබා දී ඇය සිහි මුර්ජා වීමෙන් අනතුරුව ඇය සතු බංකු ගිණුම් වලින් ව්‍යජ අත්සන් යොදා රුපියල් හය ලක්ෂ අනූ දහසක මුදලක් වංචනිකව ලබාගත් බව කියන මහනුවර මහ රෝහලේ හෙදියක මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

විසි නව හැවිරිදි හෙදියක වන අදාළ ඥාති සොහොයුරිය දිවුල් සමග මිශ්‍ර වූ මත් බීම පානය කිරීමෙන් අනතුරුව මහනුවර මහ‍ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව අසාධ්‍ය තත්ත්වයෙන් එහි දැඩි සත්කාර ඒකකයට යොමු කෙරුණා.

සැකකාර හෙදිය තම ඥාති සොහොයුරිය රෝහල්ගතව සිටියදී මහනුවර නගරයේ පිහිටි බැංකු තුනකින් ව්‍යාජ අත්සන් යොදා රුපියල් අනූ දහසක්,රුපියල් ලක්ෂ හතරක්,ලක්ෂ දෙකක් වශයෙන් මුදල් ලබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර ඇය තම සොහොයුරිය නමින් පෙනී සිටිමින් ව්‍යාජ ලේඛණ සකසා රුපියල් ලක්ෂ දහ හතක ණය මුදලක්ද සොහොයුරිය නමින් ඉල්ලුම් කර ඇති බව අනාවරණය වුණා.

මහනුවර මහ රොහලේ සේවයට පැමිණීමෙන් පසු සැකකාර හෙදිය අනෙක් හෙදිය හා මිත්‍ර වීමෙන් අනතුරුව තම සැමියාගේ සොහොයුරා ඇයට විවාහ කර දී තිබෙනවා.

මෙම සැකකාර හෙදිය දිගින් දිගටම සිදු කර අතැයි කියන වංචා හා සිද්ධීන් පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site