Home News Breaking ලසන්ත ඝාතනයට සැකකළ බුද්ධි අංශ නිලධාරියාට වන්දි

ලසන්ත ඝාතනයට සැකකළ බුද්ධි අංශ නිලධාරියාට වන්දි

273 views
SHARE

ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකු  මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තැබීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නිලධාරියාට වන්දි හැටියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

විනිසුරු සිසිර ද ආබෲ  විසින් උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු වන කේ.පියවංශ විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නියෝජ්‍ය පොලිස්පත් ඞී.එස්.වාකිෂ්ඨ ,හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්.හෙට්ටිආරච්චි ,පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කර ලැබ සිටිති.