Home News International පෘතුගාලයේ වනාන්තර 60ක ලැවූ ගිනි

පෘතුගාලයේ වනාන්තර 60ක ලැවූ ගිනි

135 views
SHARE

මධ්‍යම පෘතුගාලයේ ඇති වූ ලැව්ගිනිවලින් 62 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇති වූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් බලධාරීන් ප්‍රකාශ කරනවා.

අද (18) සවස් වනතුරුත් ගින්න නිවා ගැනීමට නොහැකිව තිබූ බවයි වාර්තා වන්නේ.

දශක ගණනාවකට පසු පෘතුගාලයට බලපෑ දරුණුතම ලැව් ගින්න මෙය බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ලිස්බින් අගනුවරට කිලෝමීටර 200ක් ගිනිකොන දෙසින් පිහිටි පෙද්‍රෝගාඕ ග්‍රාන්දේ කඳුවැටිය ආසන්න ප්‍රදේශය මෙම ගින්න ඇති වී තිබෙන අතර දැඩි සුළං සහ උෂණත්වය ඉතා අධික නිසා ගින්න ව්‍යාප්ත වී තිබෙනවා.

ගින්න හේතුවෙන් 43 දෙනකු මියගිය බව තහවුරු කළ හැකි බවත් ගිනි නිවන භටයන් ඇතුළුව 80කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් පෘතුගාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

සෙනසුරාදා (17) ආරම්භ වූ ලැව්ගිනි මේ වනවිට පෘතුගාලයේ වනාන්තර 60ක් දක්වා පැතිරගොස් තිබෙන බවත් ගිනිනිවන භටයන් 1,700කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site