Home News Breaking තැන තැන නතර කලොත් බස් වලටත් වැඩ වරදින ලකුණු

තැන තැන නතර කලොත් බස් වලටත් වැඩ වරදින ලකුණු

161 views
SHARE

නියමිත ස්ථානවලට අමතරව තැන තැන නතර කරන අන්තර් පළාත් බස් රථවල මාර්ග බලපත්‍ර ජූලි 01 දා සිට අවලංගු කරන ලෙස තමා ජාතික ගමනා ගමන කොමිසමට උපදෙස් දුන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

පසුගිය කාලය තුළ මෙවැනි ක්‍රියා පිළිබඳව මගී ජනතාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැමිණිලි කර ඇති අතර මෙම ක්‍රියා නැවැත්වීම සහ මගී ජනතාවට වන අපහසුතාවයන් තවදුරටත් වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙවැනි බස් රථ හඳුනාගැනීම සඳහා ජාතික ගමනා ගමන කොමිසමේ විශේෂ පරීක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, එවැනි බස් රථ නිරන්තරයෙන් නතර කරන ස්ථාන හඳුනාගැනීමට සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධති සවිකරන ලෙසටත් අමාත්‍යවරයා ජාතික ගමනා ගමන කොමිසමට උපදෙස් දී තිබෙනවා.

මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව පෞද්ගලික බස් සංගම් දැනුවත් කරන ලෙසද නිමල් සිරිපාලද සිල්වා ජාතික ගමනා ගමන කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site