Home News Breaking අධිකරණ ක්‍ෂේත්‍රයේ සුපිරිසිදු බව එදත් අදත් හෙටත් තම ස්ථාවරයයි

අධිකරණ ක්‍ෂේත්‍රයේ සුපිරිසිදු බව එදත් අදත් හෙටත් තම ස්ථාවරයයි

199 views
SHARE

අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු පිරිසිදුව ඉටුවිය යුතුයි යන්න එදත් අදත් හෙටත් තම ස්ථාවරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 2017 ජාතික නීති සම්මේලනයේ සාමරම්භක උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.

කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ පැවති ජාතික ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ, අගවිනිසුරු කේ ශ්‍රීපවන්, නීතිපති ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් ඇතුලු අධිකරණ සහ නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.