Home C Gossip නොරැවටෙන්න – කරීනාගේ රුව යොදා ව්‍යාජ ඖෂධ පෙත්තක් දැන් වෙළඳපොලේ

නොරැවටෙන්න – කරීනාගේ රුව යොදා ව්‍යාජ ඖෂධ පෙත්තක් දැන් වෙළඳපොලේ

328 views
SHARE

තරබාරු සිරුරක් ඇති අයගේ බර අඩුකරන්නත්, තරබාරු ගතිය අඩුකරන්නත් සමත්කම් දක්වන එක්තරා ඖෂධ පෙත්තක් මෑතකදී ඉන්දීය වෙළෙඳපොළට නිකුත් වී තිබෙනවා.

මේ ඖෂධය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේ ඒ වෙනුවෙන් නිර්මාණය කර තිබූ පුවත්පත් සහ වෙබ් අඩවි දැන්වීම්වල ජනප්‍රිය බොලිවුඩ් නිළියක් ද පෙනී සිටි නිසයි.

මේ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටියේ සුපිරි නිළි, කරීනා කපූර් ඛාන්.

කරීනා මේ පෙත්ත ගන්න නිසා ඇයගේ බර, කිලෝ 13 කින් අඩුවුණාය කියලත් මේ දැන්වීමේ සඳහන් වනවා.

මෙය දුටු කරීනා වහාම නීතිඥ කණ්ඩායමකට මේ බව දන්වලා තිබෙනවා.

මේ ඖෂධය නිපදවන සමාගමේ විස්තර හොයල බලන්නත් පිරිසක් පත් කරලා.

ඇයගේ කිසිම සම්බන්ධයක් නැති මේ දැන්වීම පළ කළ ඖෂධ සමාගමෙන් රු. කෝටි 20 ක වන්දියක් කරීනා වෙනුවේ ඇයගේ නීතීඥයන් ඉල්ලූ බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site