Home News Breaking සියදිවි හානිකර ගැනීමේ සිදුවීම් වාර්තා කිරීමෙන් වළකින්න

සියදිවි හානිකර ගැනීමේ සිදුවීම් වාර්තා කිරීමෙන් වළකින්න

192 views
SHARE

සියදිවි හානි කරගැනීමේ සිදුවීම් විවිධ මාධ්‍යයන් හරහා විකාශනය වීම තුළ මෙවැනි සිදුවීම් සඳහා යම් ආකාරයක පෙළඹවීමක් ඇති විය හැකි බැවින් එවැනි සිදුවීම් වාර්තා නොකරන ලෙස ළමා ආරක්ෂක අධිකාරිය සියලු මාධ්‍යයන්ගෙන් හා සමාජ මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍යය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මගින් සිදුවන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිදුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීමයි.

එමෙන්ම මෙවැනි කාරණා දිගින් දිගටම ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වීම, ප්‍රශ්න සහගතව සිටින ඇතැම් පුද්ගලයන්ට සියදිවි නසාගැනීමට රුකුලක් සපයන බව එම අධිකාරිය සඳහන් කරනවා.

මෙය මනෝ විද්‍යාත්මකව සලකා බැලීමේදීද දක්නට ලැබෙන තත්ත්වයකි.

තමා මුහුණදෙන විවිධ ගැටලුවලදී සිය ජීවිතයෙන් වන්දි නොගෙවා අවශ්‍ය උපදේශන සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site