Home News Politics මහින්ද පැරදුණේ බොදුබල සේනා හාමුදුරුවන් නිසයි

මහින්ද පැරදුණේ බොදුබල සේනා හාමුදුරුවන් නිසයි

209 views
SHARE

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය වුණේ බොදුබල සේනාවේ ලණු කාපු නිසා බවත්, හිටපු ජනාධිපතිවරයා සිදුකර ගත් වරද වර්තමාන ජනාධිපතිවරයාද සිදුනොකර ගන්නා ලෙස තමන් පවසන බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කරනවා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (18දා) හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පරාජය වුණේ බොදුබල සේනා හාමුදුරුවන්ගේ ලණු කාලා. අද උසාවියෙන් සිතාසි නිකුත් කර තිබියදීත් උන්වහන්සේ උසාවියට එන්නේ නෑ. වර්තමාන ජනාධිපතතුමාටත් මම කියන්නේ මහින්ද රාජපක්ෂ කරගත්ත වරද කරගන්න එපා කියන එකයි.

ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය පතුරුවන අය කවුරු වුණත් ඒ අය ඇඳන් ඉන්නේ සිවුරක්ද, ලෝගුවක්ද, වේට්ටියක්ද, තොප්පියක්ද, ඩප්පියක්ද කියන කාරණය අදාළ නෑ. ඒ සියලු දෙනාට විරුද්ධව අපේ ජාතික සමගියට බාධා කරන්නන් හැටියට නිත්‍යානුකුලව කටයුතු කළ යුතුයි.”යැයි ඔහු සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site