Home News Breaking පාසල් කාලයේ පෙම්වතා එක්දරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සියල්ල වමාරයි

පාසල් කාලයේ පෙම්වතා එක්දරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සියල්ල වමාරයි

500 views
SHARE

නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ක්‍රීඩාංගණයක් අසළ තිබී ගෙළ කපා ඝාතනය කළ එක්දරු තරුණ මවගේ මරණය සම්බන්ධයෙන් භාර වූ තරුණයා පොලිසියට පාපොච්චාරණයක් කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

“සර් මෙයා තව එකෙක් එක්ක සම්බන්ධ කමක් පැවැත්වුවා.මම ඒක නතර කරන්න කියලා ඇයට නිතරම කිව්වා.නමුත් ඇය ඒක අහපු නැති නිසා මම ඇයව මැරුවා.මම යාලුවෙක්ගේ බයික් එකේ ඇයගේ බෝඩිම ලඟට ගිහින් ඇයව හොයාගෙන බයිසිකලයෙන් පරණ කැස්බෑව පාරට අරගෙන ගියා.ඒ ගිහින් තමයි මම එයාව මැරුවේ.”

මෙම තරුණිය ඝාතනයට යොදාගන්නා ලද පිහියද සමගින් මෙම තරුණයා පොලීසියට භාරවී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි ප්‍රියංකා සංකල්පනී නමැති එක්දරු මවක්.

ඇයගේ ශරීරයේ දහඅට පොළකට සැකකරු විසින් පිහියෙන් ඇන ඇති බවත් ඒ අනුව ගෙල, මුහුණ, පිට, නළල, අත් පාවල තුවාල තිබූ බවයි සදහන් වන්නේ.

අම්පාර ප්‍රදේශයේ පදිංචි සිය සැමියාගෙන් සහ දරුවාගෙන් වෙන්ව ජීවත් වූ ඇය හෝමාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සේවය කර ඇති අතර, දෙල්කද ප්‍රදේශයේ කුලී කාමරයක ජීවත්ව තිබෙනවා.

27 හැවිරිදි මෙම සැකකරු ඇයගේ පාසල් කාලයේ පෙම්වතා බවද අනාවරණය වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site