Home News Breaking විග්නේෂවරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගනියි

විග්නේෂවරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගනියි

128 views
SHARE

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වෙත අද(19) දැනුම් දී තිබෙනවා.

මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය තමිල් අරසු කච්චි පක්ෂය විසින්ම ඉල්ලා අස්කර ගන්නා බවත් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලටද ඇගිලි ගැසිම් නොකරන බවත් සම්බන්ධන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දූෂණ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකු මසක නිවාඩුවක් සහිතව අමාත්‍යධූර අත්හිටුවීමට තීරණය කිරීමත් සමග මහ ඇමතිවරයාට එරෙහි විස්වාසභංගයක් ගෙන ඒමට තමිල් අරසු කච්චි පක්ෂය පියවර ගෙන තිබුණු අතර එකී තීරණය වෙනස් කරන බවට මහ ඇමතිවරයා එකඟතාව පලකිරීම මත මෙම විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට තිරණය කල බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site