Home News Breaking උසස්පෙළට 4වන වරටත් පෙනී සිටීමට අවස්ථාවක්

උසස්පෙළට 4වන වරටත් පෙනී සිටීමට අවස්ථාවක්

162 views
SHARE

ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිසුන්ට 4වන වරටත් උසස්පෙළ විභාගය පෙනී සිට සරසවි වරම් ලැබීමට අවස්ථාව ලබා දෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රටේ ලක්ෂ 45 වන පාසල් සිසුන්ට ලක්ෂ 2 රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

එක් පවුලක පාසල් සිසුන් පස් දෙනෙක් සිටීනම් එම පවුලේ සිසුන්ට ලක්ෂ 10 රක්ෂණාවරණයක් ලැබෙන බවයි ඔහු කියා සිටියේ.

මෙම රක්ෂණාවරණය යටතේ පාසල් දරුවෙකු රජයේ රෝහලක රෝහල්ගත කළහොත් දවසකට රුපියල් 1000 ක් ගෙවන බවද පෞද්ගලික රෝහලකට ඇතුලත් කළහොත් රුපියල් ලක්ෂයක් දක්වා බිල්පත් රජයෙන් ගෙවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site