Home News Breaking කොළඹ නගරයට කුණු දමන පුද්ගලයන් වීඩියෝ ගත කිරීමට සියල්ල සීරුවෙන්

කොළඹ නගරයට කුණු දමන පුද්ගලයන් වීඩියෝ ගත කිරීමට සියල්ල සීරුවෙන්

126 views
SHARE

කොළඹ නගරයේ විවිධ ස්ථානවලට අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර සඳහන් කරනවා.

කොමසාරිස්වරයා ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියා.

එසේම කොළඹ නගරයේ ඇති මහල් නිවාස සංකීර්ණවල කැලි කසළ බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අනුව අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් 6ක් කොළඹ නගරයේ යොදවා ඇති බව ද නාගරික කොමසාරිස් වී.කේ. අනුර පවසා සිටියා. ඒ සඳහා යුද හමුදාව, පොලීසිය හා නගර සභා නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site