Home C Gossip ලොවම කම්පා කරමින් තවත් තරුණියක් සමුහ දුෂණයට ලක්වෙයි VIDEO

ලොවම කම්පා කරමින් තවත් තරුණියක් සමුහ දුෂණයට ලක්වෙයි VIDEO

3,721 views
SHARE

පසුගිය කාලයේ සමූහ දූෂණ සිද්ධි නිසා ලෝකයේම අවධානයට ලක්වූ ඉන්දියාවේ ඊයේ තවත් අවාසනාවන්ත සිද්ධියක් නව දිල්ලියේ නොයිඩා ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඊයේ (19) සඳුදා රාත්‍රී 8.30 ට පමණ සිය නිවස අසළ මහමග ගමන් කරමින් සිටි තරුණියක බලහත්කාරයෙන් වාහනයකට නංවාගෙන වාහනයේ සිටි පිරිසක් වාහනය පාරවල් දිගේ ගමන් කරමින් ඇයට වරින්වර අතවර කර තිබෙනවා.

පසුව ඇයව පාන්දර 4 ට පමණ වාහනයෙන් ඉවතට තල්ලු කර දමා එම පිරිස පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණිය රාජස්ථාන් ප්‍රාන්තයේ තරුණියක වන අතර රැකියාවක් සඳහා නවදිල්ලිය වෙත පැමිණ ඇත්තේ මීට සති දෙකකට පමණ පෙරයි.

නව නිවසේ ඇය ඇගේ පවුලේ උදවිය සමග වාසය කරමින් සිටියදී කිසියම් අවශ්‍යතාවයකට ඊයේ සන්ධ්‍යා කාලයේ අසළ කඩමණ්ඩියකට යමින් සිටියදී මෙම අනපේක්ෂිත අත්දැකීමට මුහුණපා තිබෙනවා.

වාහනයේ 3 දෙනෙකු සිටි බවත් ඔවුන් පැය 8 කට ආසන්න කාලයක් වරින්වර පසුපස ආසනයට පැමිණෙමින් තමාට අතවර කළ බව ඇය පවසා සිටියා.

ඇයව තල්ලු කර දමන ලද ස්ථානයේ දී ඇය හඩමින් කෑගසා උදව් ඉල්ලූ පසුව අසල්වාසීන් ඇයව රෝහල් ගත කර තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණිලි කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

ඇයව වාහනයෙන් ඉවතට දැමූ ස්ථානයේ තිබී බියර් බෝතල්ද පොලිසියට හමුවී තිබෙනවා.

අධික කළුවර සහිත තැනකදී ඇයව අත්හැර දැමූ නිසා වාහනය හඳුනාගත නොහැකි බවයි ඇය පවසා ඇත්තේ.

පොලිසිය CCTV ඔස්සේ හොඩුවාවන් සෙවීමට පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site