Home News Breaking යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් සිසුවියකට එන්නතක් විද පලායයි

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් සිසුවියකට එන්නතක් විද පලායයි

236 views
SHARE

කන්තලේ,පේරමඩුව ප්‍රදේශයේදී 10 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට මහ මඟදී එන්නතක් විදීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාල සිසුවිය පසුගිය 17 වනදා උපකාරක පන්ති අවසන් වී නිවසට පැමිණෙමින් සිටින අතරතුර යතුරුපැදියකින් පසුපසින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙන් සිසුවියට එන්නත විදීමෙන් පසු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා ශිෂ්‍යාවගේ දකුණු අතේ බහුවට එන්නත විද ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය දෙමව්පියන් වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය කන්තලේ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර පරීක්ෂණ සදහා ඇය ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර ඇති අතර දැරිය සාමාන්‍ය තත්වයන් පසුවන බවයි වාර්තා වන්නේ.

දැරියගෙන් ලබා ගත් ලේ සාම්පල් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට ඒවා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් අග්බෝදුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site