Home News Breaking නානුඔය උණුසුම් කරමින් කලහකාරීව හැසිරුණු 5ක් අත්අඩංගුවට

නානුඔය උණුසුම් කරමින් කලහකාරීව හැසිරුණු 5ක් අත්අඩංගුවට

132 views
SHARE

නානුඔය නගරයේ කහ ඉරක් මතදී ලොරි රථයක වැදී පාසල් දැරියක් මිය යෑමේ සිද්ධිය මත ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් පස් දෙනෙකු අද (20දා) අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය සඳහන් කළා.

ඉකුත් 15 දා උදෑසන මෙම අනතුර සිදුවූ අතර, ඉන්පසු එම ස්ථානයට රැස්වූ විශාල පිරිසක් අනතුර සිදුකරන ලද ලොරි රථයට ගිනි තබා මාධ්‍ය‍වේදීන් සතු කැමරා උපකරණවලට අලාභ හානි සිදුකර පැය හයකට අධික කාලයක් නුවරඑළිය – හැටන් මාර්ගය වසා කළහකාරී ලෙස උද්ඝෝෂණයේ නිරත වී තිබෙනවා.

නානුඔය නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු, පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු හා රදැල්ල වත්තේ පහළ කොටසේ පදිංචි අයෙකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site