Home News Breaking මින්පසු කැබිනට් හමුවට ෆෝන් තහනම් – ජනපති නියෝග කරයි

මින්පසු කැබිනට් හමුවට ෆෝන් තහනම් – ජනපති නියෝග කරයි

190 views
SHARE

කැබිනට් හමුව සඳහා මින් ඉදිරියට ජංගම දුරකථන, ටැබ් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (20) කැබිනට් හමුවේදී සියලුම කැබිනට් ඇමැතිවරුන් වෙත දැනුම් දෙනු ලැබුවා.

කැබිනට් හමුව පැවැත්වෙන කාලසීමාව තුළ ඇමැතිවරුන් ඇමතුම් ගැනීම, කෙටි පණිවුඩ යැවීම ෆේස්බුක් ඇතුළු සමාජජාලා වෙබ් අඩවිවල සැරිසැරීම් ආදී කටයුතුවල නියැළීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන් බව සඳහන්.

කැබිනට් හමුව පැවැත්වෙන කාලසීමාවේදී සියලුම ඇමැතිවරු එයට සියයට සියයක්ම අවධානය යොමු කරන ලෙසත්, එම කටයුතුවලට සම්බන්ධ වන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මීළඟ කැබිනට් හමුවේ සිට මෙය දැඩිව ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා තීරණය කල බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site