Home News Breaking ගෑස් අලෙවිසැලේ ගින්න නිසා වසා දැමුණු කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය යලි විවෘතයි

ගෑස් අලෙවිසැලේ ගින්න නිසා වසා දැමුණු කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය යලි විවෘතයි

200 views
SHARE

අවිස්සාවේල්ල – කොස්ගම මාර්ගයේ කනම්පැල්ල මංසන්ධියේ පිහිටි ගෑස් අලෙවිසැලක හටගත් ගින්න අද අලුයම 03ට පමණ සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.

ගින්නත් සමඟ තාවකාලිකව වසා දැමුණු කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ කොස්ගම සහ සාලාව අතර කොටස ගමනාගමන කටයුතු සඳහා යළි විවෘත කර ඇති බවයි කොස්ගම පොලීසිය සදහන් කළේ.

ඊයේ රාත්‍රි 7.40 ට පමණ හට ගත් මෙම ගින්න වෙළඳසැල ආසන්නයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට ද හානි සිදුවුණා.

මේ අතර, ගින්නක් පිළිබඳ ව්‍යාජ තොරතුරක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

කොළඹ 02 – වෑකන්ද පාරේ අදාළ ගින්න පවතින බවට දුරකථන ඇමතුමක් ලබාදී තිබූ අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව ගින්න නිවීම සඳහා එම ස්ථානයට ආපදා රථ පිටත්කර යවා තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site