Home News Sports සින්බාබ්වේ හා ඉන්දීය තරගාවලිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ඇයි ? මෙන්න හේතුව

සින්බාබ්වේ හා ඉන්දීය තරගාවලිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ඇයි ? මෙන්න හේතුව

217 views
SHARE

ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අවසානයත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කරන ලද එක් දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් තුල ප්‍රසාද ලකුණු 93ක් ලබා සිටින ශ්‍රී ලංකාව 8වැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර ශ්‍රී ලංකාවට පහලින් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පමණක් වන අතර මෑතකදී ටෙස්ට් වරම් හිමිකරගත් බංගලාදේශයද ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටීම කැපී පෙනෙනවා.

මෙවර ශූරයන්ගේ කුසලණය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රසාද ලකුණු 95ක් හිමිකරගනිමින් ශ්‍රේණිගත කිරීම් තුල 8වන ස්ථානයේ සිට 6වන ස්ථානය දක්වා ඉදිරියට ගොස් තිබෙනවා.

ප්‍රසාද ලකුණු 94ක් ලබා ගත් බංගලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්තානයේ රැදී සිටින අතර මෙවර අවසාන මහා තරඟයේදී පරාජයට පත්වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම් වල පළමු වන ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 119ක් ලබා ගත් දකුණු අප්‍රිකාවයි. යම් හෙයිකින් ලබන සැප්තැම්බර් 30 වනදා විට ශ්‍රී ලංකා කණ්ඩායම දැනට ශ්‍රේණිගත කිරීම් වල රැදී සිටින අටවන ස්ථානයත් අහිමි වුවහොත් ලොක කුසළාන තරඟාවලියට සෘජුව එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වනවා.

එසේ වුවහොත් අනිවාර්යෙන්ම තරඟාවලිට එක්වීම සඳහා පැවැත් වෙන සුදුසකම් ලැබීමේ තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදු වනු ඇති.

එම නිසා ඉදිරියේද පැවැත්වෙන සින්බාබ්වේ හා ඉන්දීය තරඟාවලිය ශ්‍රී ලංකා තණ්ඩායමට අතිශය තීර්නාත්මක බවයි ක්‍රිකට් විචාරකයන් සඳහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site