Home News Breaking රාජකාරියකට යන බව පවසා බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් ගුටි කා රෝහලේ

රාජකාරියකට යන බව පවසා බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් ගුටි කා රෝහලේ

151 views
SHARE

කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කල අතර දැනට ඔහු පොලිස් ආරක්ෂාව සහිතව ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට අනුව සිද්ධිය මෙසේයි.

හදගල රලපනාවේ කාන්තාවක පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ මෙම සැරයන්වරයාව හමුවී තිබෙනවා. අදාළ වාර්තාව පසුව ලබා දෙන බවට සැරයන්වරයා එහිදි පවසා ඇති බව සඳහන්.

ඉන්පසුව එම කාන්තාවගේ නිවසට ඊයේ (21) ගොස් ඇති සැරයන්වරයා ඇයට බලහත්කාරයෙන් අතවර කිරිමට තැත් කර තිබෙනවා.
සැරයන්වරයාගෙන් බේරීමට එම කාන්තාව පොල්ලකින් සැරයන්වරයාට පහරදි ඇති අතර මේ බව දුරකථනයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට දැනුම් දුන් බව වාර්තා වනවා.

පසුව කාන්තාවගේ නිවසට පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් බලන විට පහර කෑමට ලක් වූ සැරයන්වරයා නිල ඇඳුමෙහි ලේ සහිතව පුටුවක් මත වාඩි වි සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් එම කාන්තාවට අතවර කිරිමට තැත් කළ බවට පොලිස් සැරයන්වරයා මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දැන්වූ බව සඳහන්.

රාජකාරියකට යන බවට පොලිසියේ පොත් වල සටහන් තබා මෙම සැරයන්වරයා පොලිසියෙන් පිටව ගොස් ඇත්තේ නිල ඇදුමින් බව මූලික විමර්ශනවලදි හෙළි වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site