Home News Breaking “පොලීසිය අසාර්ථකයි” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

“පොලීසිය අසාර්ථකයි” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

123 views
SHARE

පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සති තුනක කාලයක් පුරාවට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කළද එහිදී පොලීසිය අසාර්ථක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පතිප්‍රියන්ත ජයකොඩි සඳහන් කරනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ (21දා) සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඥානසාර හිමියන් උසාවිට ඉදිරිපත්වන තුරුම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්දැයි මාධ්‍යවේදීන් විමසීමේදීයි ඔහු මෙසේ සඳහන් කළේ.

සාමාන්‍ය පුද්ගලයෙකු සහ භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද දෙකක් තිබෙන අතර පන්සලක් තුළට ගොස් භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීම අපහසු බව ප්‍රියන්ත ජයකොඩි පැවසුවා. එය සංස්කෘතිමය ගැටලුවක් බවයි පෙන්වා දුන්නේ.

“අපි පුළුවන්තරම් උත්සහ කළා. නමුත් අපට බැරි වුණා උන්වහන්සේ අත්අඩංගුවට ගන්න.”

(මාධ්‍යවේදීන්) – ඒකියන්නේ පොලීසිය අසාර්ථකවුණා?

“පොලීසිය සමහර අවස්ථාවලදී සාර්ථක වෙනවා. සමහර අවස්ථාවලදී අසාර්ථක වෙනවා.”

(මාධ්‍යවේදීන්) – ඥානසාර හිමියන් උසාවියට ගෙන එන අවස්ථාවේදීවත් අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි?

“එහෙම කළා නම් ඒක උසාවියට අපහාසයක්.”

(මාධ්‍යවේදීන්) – නමුත් මීට පෙර එවැනි දේ සිදුවෙලා තිබෙනවා

“ඒක මෙතැනදී ගැළපෙන්නෙ නැහැ.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site