Home News Breaking මහ බැංකු අධිපති බැඳුම්කර කොමිසමට කැදවයි

මහ බැංකු අධිපති බැඳුම්කර කොමිසමට කැදවයි

175 views
SHARE

වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂිදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  කැඳවා ඇත.

ඒ සඳහා ලබන 21 වැනි අඟහරුවාදා උදේ 10ට කොළඹ 12 අධිකරණ මාවකේ පිහිටි තම කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ආචාර්ය කුමාරස්වාමීට කොමිසම ඊයේ (16) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කේ.ටී චිත්‍රසිරි ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසම හමුවේ සිද්ධියට අදාළව සාක්ෂිය සටහන් කර ගැනීමට ආචාර්ය කුමාරස්වාමි ප්‍රථමයෙන් කැඳවීමට තීරණය කර තිබේ.

කොමිසමේ වැඩ ආරම්භ කරමින් පැවැත්වෙන සාක්ෂි විභාගයේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය ආචාර්ය කුමාරස්වාමි  වෙත නොතිසියක් නිකුත් කළේය.