Home News Breaking වෛද්‍ය වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම්

වෛද්‍ය වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම්

183 views
SHARE

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙරේදා (21 දා) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණු සරසවි හා වෛද්‍ය සිසුන්ට පහර දීමට එරෙහිව ඊයේ (22 දා) සිට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දේශපාලන අරමුණකින් සිදු කරන ලද්දක්‌ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ඊයේ (22 දා) සඳහන් කළා.

මෙම වැඩ වර්ජනය හරහා පිට පළාත්වලින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවට පැමිණෙන වෛද්‍යවරුන්ට අවස්‌ථාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් මෙම වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා ඊයේ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

ඩෙංගු රෝගය පැතිර යන සමයක වර්ජනය කරන මොවුන් වෛද්‍යවරුන් නොවන බවත් ජනතාවද මේ සම්බන්ධව කුපිතව සිටින බවත් කී අමාත්‍යවරයා මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනතාව නිසි පිළිතුරු සපයනු ඇතැයිද සඳහන් කළා.

ඩෙංගු මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව වෛද්‍යවරුන්ට ගැටලුවක්‌ ඇතිනම් එහි වගකීමද ඔවුන් භාර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site