Home C Gossip “මගේ ලිංගික ජීවිතය මගේ හිටපු බිරිඳ දන්නවා” – සහන්

“මගේ ලිංගික ජීවිතය මගේ හිටපු බිරිඳ දන්නවා” – සහන්

17,719 views
SHARE

සහන් අබේසේකර කියන්නේ පසුගිය කාලේ පුරාවටම පුද්ගලික ජීවිතයෙත් වෘත්තීය ජීවිතයෙත් හැල හැප්පීම්වලට ලක් වූ චරිතයක්.
මේ දිනවල සහන්ගේ වැඩකටයුතු ගැන පුවත්පතකට කියලා තිබුනේ මෙහෙමයි.

සහන් දැන් අපිට දකින්නට ලැබෙන්නේ සියත නාලිකාව ඔස්සේ.. ?
ඔව් .. මම දැන් “සියත නාලිකාවේ” “විධායක නිෂ්පාදක” ලෙසින් කටයුතු කරනවා. ඒ අතරම මගේ පුරුදු රස්සාව, ඒ කියන්නේ නිවේදන කටයුතු කිරීමත් කරගෙන යනවා.

හිටි හැටියේ සිදුවූ ඔබේ ස්ථාන මාරුව ගැන විවිධාකාර මත පළවුණා.
මම “දෙරණ” නාලිකාවේ නිවේදකයෙක් විදියටයි කටයුතු කළේ.. දැන් මම නිවේදකයෙක් වගේම විධායක නිෂ්පාදක. මට වැඩි වටිනාකමක් ලැබුණු තැනට මම ගියා.

ඔබේ විවාහ ජීවිතයේ අර්බුද ඊට බලපෑවාද .. ?
මම කිසිමදාක පෞද්ගලික ජීවිතයයි වෘත්තීය ජීවිතයයි එකට පටලවාගන්නේ නැහැ. ඒත් සමහර දේවල් මාධ්‍යයට ප්‍රකාශ කරන්න බැහැ..

එදා ඔබ තම පුද්ගලික අර්බුද පවා ප්‍රසිද්ධියේ මාධ්‍යයට පැවැසුවානේ. අද ඔය විදියට දෙගිඩියාවෙන් පිළිතුරු දෙන්නේ ඇයි .. ?
මම නිදොස් නිසා අදත් මට මාධ්‍යය සමග ඒ දේවල් එදා විදියටම කථාකරන්න බැරි නැහැ. ඒත් යම් යම් නීතිමය හේතු මත මට සීමාවන් තියෙනවා. ඒ වගේම මට මඩ ගහන්න බලාගෙන ඉන්න පිරිසක් මට වචනයක් වරදින තුරු බලා ඉන්න බවත් මම දන්නවා.. අනික මම කවදාවත් කාටවත් වෛර කරන්න පන්න පන්නා පහර දෙන්න දඟලන කෙනෙක් ‍නෙවෙයි. මම දන්නවා අයහපත් දේ කරන අයට ඒ දේවල්වල විපාක එන බව. අද වනවිට සමහර අයගේ ජීවිතවල කඩාවැටීම් දැක්කම ඒ සත්‍යය ඔප්පු වෙනවා. ඒ හින්දයි මට මඩ ගසනවා පෙනි පෙනීත් මම මේ විදියට නිහඬව සිටින්නේ.

සහන්ගේ ලිංගික ජීවිතයට පවා චෝදනා එල්ලවන විටත් ඔය විදියට නිහඬව සිටීම සුදුසුද .. ?
ඒ චෝදනා දැකලා ඇයි මම බයවෙන්නේ .. ඇයි මම කලබල වෙන්නේ .. මම නිදොස්නම් බයවෙන්නවත් කලබල වෙන්නවත් අවශ්‍ය නැහැ.. මගේ ලිංගික ජීවිතය මගේ හිටපු බිරිඳ දන්නවා. මට ඊට එහා ඕවාට උත්තර බඳින්න ඕන නැහැ.. බල්ලෙක් බිරුවාට කන්දක් පාත්වෙන්නේ නැහැනේ ..

හැම අතින්ම ජීවිතය සම්පූර්ණ වෙන්න නම් ජීවිතයට ආදරය ලැබෙන්නත් ඕන නේද .. ?
ආදරයේ නම් අඩුවක් නැහැ.. මම තනිකඩ වුණා කියල දැන ගත්තට පස්සේ දැන් මට දිගට හරහට ආදර යෝජනා ගලාගෙන එනවා. මගේ වටිනාකම මටත් දැනෙන්නේ ඒ විදියට යෝජනා එන්න පටන්ගත්තට පස්සේ ..

ඒ විදියට යෝජනා ගලාගෙන එද්දී සහන්ට එය කරදරයක් විදියට දැනෙනවාද නැත්නම් ආදර හැඟීම් හිතට එනවාද .. ?
හුදකලාව ජීවත්වෙන්න අපි කාටවත් බැහැ.. ජීවිතයට ආදරය අවශ්‍යයි. හැමදේම බෙදාගන්න කෙනෙක් ඕන. ඒක මනුෂ්‍ය ස්වභාවය. මමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්… මටත් ආදරයක අවශ්‍යතාවය දැනුණේ නැත්නම් තමයි පුදුමේ …

එහෙනම් දැන් සහන්ගේ හිතත් ආදරයක් ළඟ නැවතිලා..
දැනට නම් මගේ ආදරය මගේ පුතා විතරයි ..

ඉදිරියේදී ඒ ආදරය තවත් කෙනෙකුට බෙදිල යයිද .. ?
ඉදිරිය ගැන දැන්ම කියන්නේ කොහොමද .. ?

උපුටා ගැනීමකි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site