Home Colaba Makka කොළඹ මැක්කගෙන් ලියුමක්

කොළඹ මැක්කගෙන් ලියුමක්

384 views
SHARE

යාලුවනේ….

ඔන්න ඉතිං මම  හිතුවා ඔයාලා වෙනුවෙන් මොකක් හරි දෙයක් කරන්නම  ඕනේ කියලා.

දැන් මේ රටේ වෙන දේවල් දැක්කම ඇස් කන් පියාගෙන මට ඉන්න හිතෙන්නෙම නෑ…

ඔන්න ඉතින් මන් ඒ හින්දා අළුත් වැඩක් කරන්න කට තිබ්බා..

ඕ…… ඉතිං දැන් බයවෙන්න එපා. මම කාගේ කාගේත් අැගේ නැගලා ලේ බොන එකනම් කලා තමයි මෙච්චරකල්
ඒත් ඔන්න දැන් නම් ලේ විතරක් බීලා කාගේවත් ඇගෙන්  අපහු බහින්නේ නැහැ.

ලේ  බොන ගමන්  ඒ අය කියන කරන  ඔක්කෝම හොද, නරක ඔන්න ඉතින් මං කියන්න සුදානම්.

හැබැයි ඉතිං ලොකු පොඩි බේදයක් නම්  මට නැහැ,  කවුරු උනත් මට එකයි.

ඕනෑම ප්‍රාණයකින් ලේ බොන්න මට පුළුවන්. විශේෂයෙන්ම  මැති අැමතිවරු වගේම අපේ කලාකරුවොත්, සමාජයේ දුශිතයෝත්  ටිකක් පරිස්සමට ඉන්න ඕනෑ ඔන්න.

ඒ විතරක් නෙවෙයි සුදු රෙදි පොරවාගෙන ඒවා හසුරවමින් ඉන්න අපේ මාධ්‍ය ආයතන වගේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කවුරු කවුරුත් වැරදි කරනවානම් මගෙන් පරිස්සන් වෙලා හිටියොත් හොදයි. පස්සේ මම නොකිව්වයි  කියන්න එපා ……

ඒ  විතරක් නෙමෙයි මට බනින්න ගහහන්න හදන්නත් එපා.මොකද  මම ලේ බීලා හැදෙන අහිංසක පොඩි සතෙක් නේ …
මම ජිවත් වෙලා ඉන්නකං හොර ,බොරු ,වංචාවල් එලි කරනවා කරනවාමයි.

ඉතිං යලුවනේ ඔයාලා දන්නා කියන  අය හොර වැඩ,ජඩ වැඩ ,මැර වැඩ ඇතුළු වැරදි වැඩ කරනවානම් මාව දැනුවත් කරන්න හොදේ..
එතකොට මට පුළුවන් ඒ අයටත් කල වරද තේරුම් ගන්නත් එක්කලා  මැකි ප්‍රහාරයක්  එල්ලකරන්න.

මක්කා ඉදිරියේ වැරදි කරුවෝ කුක්කෝ වෙනවා ඔයාලාට බලාගන්න පුළුවන්.

පස්සේ මාව සම්බන්ධ කරගන්න විදිය ඔයාල ඔක්කොටම කියන්නම්කෝ ඉතිං..

ඔයාලා හැමදාමත් මාත් එක්කළා ඉන්න ඕනෑ ඔන්න. ඔයාලාගේ ප්‍රතිචාරත් මට වැදගත්.

එහෙනම් හැමෝටම තුන්රුවනේ සරණයි !…  සියළු දෙවි රැකවරණයි !…..

දැනට ගිහින් එන්නම් යාලුවනේ අපි ලගදිම දවසක මැකි ප්‍රහාරයකින් හමුවෙමු.

මෙයට,
අඟේ ඉඳන් කන කන
කොළඹ මැක්කා