Home News Breaking කොළඹ කොට්ඨාස 15න් 14ක්ම ඩෙංගු අධි අවදානම් කලාප

කොළඹ කොට්ඨාස 15න් 14ක්ම ඩෙංගු අධි අවදානම් කලාප

146 views
SHARE

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස 15න් 14ක්ම මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරනවා.

මෙම කොට්ඨාස 14 වන්නේ දෙහිවල, රත්මලාන, මොරටුව, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කඩුවෙල, හෝමාගම, මහරගම, පාදුක්ක, කහතුඩුව, පිළියන්දල, බොරලැස්ගමුව හා පිටකෝට්ටේ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය පමණක් ඩෙංගු අධි අවදානම් කලාපය ලෙස නම් කර නොමැති බවත් ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍ය ප්‍රසිලා සමරවීර සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 15079ක් බව වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිස කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් හමු වී තිබෙන බවද ඇය වැඩි දුරටත් සඳහන් කළා.

මේ වන විට ඩෙංගු රෝගීන් 69380ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 209 දක්වා වැඩි වී තිබෙන බවද වාර්තා වනවා.

ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා සඳහන් කළේ ඩෙංගු මදුරු මර්දනය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 1000ක පිරිසකගේ සහභාගිත්වයෙන් නගරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site