Home Colaba Makka බස් ඇතුලේ චීවරේට මුවාවී කරන වැඩේ චී

බස් ඇතුලේ චීවරේට මුවාවී කරන වැඩේ චී

885 views
SHARE

හැමෝම M.C  එක ගැන එක එක කතා කියන හින්දා පොඩිඩක් ඒ පැත්තේ කරක් ගහන්න යන්න ඕනෙයි කියලා හිතලා මැක්කත් ඉතිං ඕං පාරට අවා….

දැන්නම් වේලාවත් දවල්ට කිට්ටුයි අම්මෝ අවුවෙ සැර ඒත් හිමින් හිමින්ම බස් හෝල්ට් එක පැත්තට ගියේ අවුව ගැනවත් හිතන්නේ නැතුව ඒ බස් එකකට ගොඩවෙන්න කියලා හිතාගෙන. මොකද දන්නවද  හැමදාම අනුන්ගේ ඇගේ එල්ලිලා ටුවර් ගිය මට අද  බස් ගමන මාර ෆන් අත්දැකීමක් වෙයි කියලා මටම හිතුනහින්දා….

හ්ම්  නමුත් අත්දැකීමක් කිව්වට මොකද කොළඹ නගරේ වැඩිපුර දකින්න තියෙන්නේ දෙයියනේ කකුල්දැකීම්නේ කියලා මැක්කට තේරුනේ  බස් හෝල්ට් එකට එන අතරමගදීයි. අනේ අම්මෝ කෙල්ලෝ කකුල් පෙන්නන් ඇදගෙන යනවිදිහ දැක්කම කාගේ කාගේත් සීල්බිදෙයි කියලා මේ මැක්කට හිතුනා කිහන්කෝ.

බම්බලපිටි යනවා කියන්නේ බස් දෙකක ගමනක් කොහොම උනත් අසාවෙන් යන ගමනනේ කියලා හිතාගෙන  ඔන්න ඉතිං බස් එකට ගොඩ උනා හරිම අමාරුවෙන්,අමාරුව කිව්වේ කකුල් දැකලා හැදුන අමාරුවක් එහෙම නෙමෙයි ඕන් නැත්නම් හිතයි මැක්කත් හරිම වල් කියලා… ඒ අමාරුව කොහොම වෙතත් බස් එක ඇතුලේ ඉන්නකොට මට විදින්න වුන අමාරුවනම්  කියලා වැඩක් නැහැ අෆ්ෆා…..

හත්දෙයියනේ රියදුරු උන්නහයයි කොන්දොස්තර කොලුවයි ලංකාවේ තියෙන නව පරපුරේ සින්දු ගොඩාක් බස් එකේ ඉන්න මිනිස්සුන්ට බලෙන්ම අස්සවන්නේ කිසිම  හිරිකිතයක් නැතිව අෆ්ෆා …. ලංකාවේ ඉන්න අලුත් ගායක ගායිකා කොල්ලෝ කෙල්ලෝ ටිකනම් අඩන එකනම් හොදටම කරනවා අපිට අහගෙන ඉන්න තමයි අමාරු…මාර කන්දොස්කිරියාවක්  මැද්දේ අනේ බොලේ මෙහෙමත් කරුමයක් කියලා මැක්කට හිතුනා.

හ්ම් …අමාරු උනත් බස් එකට නැග්ග එක දැන් ඉතිං අහගෙන ඉන්නම වෙනවනේ අර වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනා කිව්ව කතාව  හිතට අරගෙන හිත ෆිට් කරගන්න  ෆුල් ට්‍රයි එකක් දුන්නා.. අම්මෝ  කොහොමෙන් කොහොම හරි  මේ අඩන විලාපෙයි මේ බස් එකේ විදින දුකයි.දෙකම එකට එකතුවෙලා දැන්නම් මැක්කටත් ඇඩෙන්නම වගේ….. ගායකයෝ මෙහෙම අඩද්දී මැක්කෙක් ඇඩුවට මක් වෙනවද නේද ……?

කමක් නැහැ ඔන්න ඔහේ සපෝට් එකටත් එක්ක පොඩ්ඩක් අඩනවා කියලා හිතිලා බස් එකේ අයිනකට උනා විතරයි බොලේ කොන්දොස්තර කොලුවා අර සින්දු කරච්චලේට උඩින් කෑ මොරගහනවා බොරැල්ල බහින්න බහින්න කියලා…මොන ඇඩිල්ලක්ද ඉතිං අඩන එක පැත්තකින් තියලා මැක්කා බැස්සා  බොරැල්ලෙන්….

අනේ වාසනාවන් බැස්ස ගමන්ම 154 බස් එකක් තිබ්බා සෙනගත් අඩුයි…අර වගේ කර්ච්චලෙකුත් නැහැ…හොදට දිග ඇරිලා යන්න පුළුවන් කියලා හිතිලා මැකි  හිතට පොඩි සතුටකුත් අවා කිහන්කෝ  ඔන්න මං පුජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන්කරලා තියෙන සීට් එකට එහා පැත්තෙන් වාඩි උනා අර පුජ්‍ය  පක්ෂයට වෙන් කරපු සීට් එකේ හාමුදුරු නමකුත් ඇදීගෙන ඉන්නවා මේ මැක්කා දැක්කා.

හ්ම්… බස් එක බම්බල පිටිය පැත්තට යද්දී  මැක්කට හිතුනා අර කලින් ආව  බස් එකේ තිබ්බ කරච්චලේ නිසා බස් මගියෝ කොච්චර නම්  දුක් විදිනවද කියලා…. අයියෝ රටකට ගිය කලක්  කියලා මාත්  මනෝ පාරක් දාගෙන යද්දී  මැක්කට දකින්න වුනේ  ඊටත් වඩා දුක් සීන් එකක් කිහන්කෝ….. බස් ඇතුලේ ජැක් කාරයෝ ඉන්නවා කියලා ගෑණු පරාන කියනවා නම් අහලා  තියෙනවා නමුත් මේකනම් ජැක් කේස් එකක් නෙමෙයි ඕන්……මේක බලාගෙන මැක්කා නිකන් හිටියේ නැහැ හිමිට වීඩියෝ කර ගත්තා කවුරු උනත් කරන වැඩේ වැරදි නිසා. ඔන්න මෙදා පාර මැකී ප්‍රහාරයට වීඩියෝ එකකුත් එකතු කළා.

හැබැයි ඉතිං මේක බලලා මැක්කා  ආගම් විරෝදියෙක්… ජාති වාදියෙක් කියන්න හදන්න නම් එපා ඕන්… මොකද කවුරු කරත් වරද වරදමයි. චීවරේ ඇන්දත් ලෝග්ගුව ඇන්දත් ඒ හැම කෙනෙක්ටම තියෙනවා තමන්ගේ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක්. තමන් අදහන ආගමට නින්දා දෙන වැඩ නොකළ යුතුයි යන්නයි මැක්කාගේ අදහස.

ඉතිං මේ වගේ  ආගම් දහමට නින්දා වෙන අන්දමින් බස්වල පුජක පක්ෂය හැසිරෙනවනම් වරද නොදැක්කා වගේ යන්න මේ මැක්කට  බැහැ…. මොකද ඒකෙන් වෙන්නේ තව  තවත් සමාජය පිරිහෙන එකයි. ඒ නිසා  නිර්මල බුදු දහමේ වටිනාකම නොදැන පොදු ප්‍රවාහන සේවා තුලදී ඒ උතුම් චීවරයට මුවා වෙලා සාසනය කෙලෙසන මේ වැනි අයට භික්ෂුව කියන එකත් පව්.
ඒ  නිසා මේ වැනි අයගෙන්  සමස්ත බුද්ධ ශාසනයම රැක ගත යුතුයි කියලා මැක්කට හිතුනා කවුරු බැන්නත් කවුරු විවේචනය කලත් මැක්කව කමක් නැහැ මේ වගේ වැඩ කිසිම ආගමකින් අනුමත කරන්නේ නැහැ.

මේ මැකී ප්‍රහාරයට බුද්ධ ශාසන ඇමතිතුමාගේ අවධානය හෝ මහා නායක හිමිපානන් වහන්සේලාගේ අවධානය හෝ යොමුවෙලා මේ භික්ෂුවට විනය ක්‍රියාමාර්ග මාර්ග අරගෙන නිර්මල බුදු දහම චිරාත් කාලයක් රැක ගන්න ලැබේවා කියලා මැක්කා ප්‍රර්ථනා කරනවා. …

මේ කුජිත වැඩේ හින්දා,හිතටත් හරි මදි අෆ්ෆා  මොන  M.C ද ?  මං තුන්මුල්ලෙන් බැස්සා…..

වීඩියෝවත් බලලම යන්න ඕන්