Home News Breaking ජනපති හදිසියේම මීගමුව රෝහල නිරීක්ෂණය කරන්න ගියේ ඇයි ?

ජනපති හදිසියේම මීගමුව රෝහල නිරීක්ෂණය කරන්න ගියේ ඇයි ?

166 views
SHARE

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද(28) මීගමුව රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ජනපති සමග සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අරුන්දික ප්‍රනාන්දු යන අයද එම චාරිකාවට එක්ව සිටියා.

එහිදී රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති පතිරණ සහ මීගමුව රෝහලේ ඩෙංගු විශේෂ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඒ.ලක්රුවන් ප්‍රනාන්දු සමග සාකච්ඡා කළ ජනපති රෝහලේ තත්ත්වය පිළිබඳ ඔවුන්ගෙන් කරුණු විමසා සිටියා.

ඒ අනුව රෝගීන්ට අවශ්‍ය උපරිම පහසුකම් සලසන ලෙසත්, රෝහලේ හෙදියන් හා කාර්ය මණ්ඩලය වැඩි කිරීමටත් කඩිනමින් පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දුන් අතර යුද හමුදාව මගින් තාවකාලිකව ඉදිකරන නව රෝහල් ගොඩනැගිල්ලේ ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමටත් උපදෙස් ලබාදුන්න බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site