Home News Breaking අමාත්‍යංශය රියදුරාගේ රියදුරු බලපත‍්‍රය අත් හිටුවයි

අමාත්‍යංශය රියදුරාගේ රියදුරු බලපත‍්‍රය අත් හිටුවයි

149 views
SHARE

පොසොන් රාජකාරි නිමවා නිවසට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මරණයට පත් කරමින් මාරක රිය අනතුරක් කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ රියදුරුගේ රියදුරු බලපත‍්‍රය අත් හිටුවීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල අද (28) නියෝග කළා.

අපරික්ෂාකාරි ලෙස අධික වේගයෙන් හා විරුද්ධ දිශාවෙන් කැබ් රථයක් පදවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම,රිය අනතුරක් වළක්වා නොගැනීම,රිය අනතුර පොලිසියට වාර්තා නොකිරීම,තුවාලකරුවන් රෝහලට රැගෙන නොයාම යන චෝදනා මත ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටි සැකකාර රියදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.

එහි විමර්ශන අවසන් බව පොලිසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කෙරුණා.

විරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පදවා ඇතැයි කියන කැබ් රථය නාචිචාදූව හංදියේදි පොලිස් කොස්තාපල්වරයා ගමන් කරමින් සිටි යතුරු පැදියේ ගැටී ඇතැයි හෙළි වූ බව පොලිසිය මෙහිදි සඳහන් කර සිටියා.

අනතුර සිදු වූ අවස්ථාවේ රථයේ සිටි බව කියන පළාත් සභා මන්ත‍්‍රි අනුර බුද්ධික ගුණසේකර ඇතුළු පිරිසත් රියදුරුත් පළා ගොස් ඇති බවත් සිද්ධියෙන් පැය පහකට පසුව රියදුරු පමණක් අනුරාධපුර පොලිසියට බාර වී ඇති බවත් පොලිසිය අධිකරණයට පවසා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site