Home News Breaking කඹුරුපිටිය ඛේදවාචකයේ තවත් දෙයක් අසල ලිඳෙන් සොයා ගනියි

කඹුරුපිටිය ඛේදවාචකයේ තවත් දෙයක් අසල ලිඳෙන් සොයා ගනියි

750 views
SHARE

කඹුරුපිටිය ප්‍රදේශයේදී ඉකුත්දා රාත්‍රියේ දිවි නසාගත් බවට සැකකරන පියා සහ දරුවන් පදිංචිව සිටි නිවස සහ අවට ප්‍රදේශය මහෙස්‌ත්‍රාත් පරික්‌ෂාවට ලක් කිරීමේ දී තවත්කරුණු රැසක් හෙළිවූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම නිවසේ සුරතලයට ඇති කළ බලු පැටියා ද මරා නිවස අසල ළිඳට දමා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය දරු තිදෙනා මිදුලේ ඇති අතු කපා ඉවත් කළ අඩි 30 ක්‌ පමණ උස ගසක හරස්‌ අතට ලීයක්‌ බැඳ නයිලෝන් නූල්වලින් එල්ලා තිබූ අතර ඔවුන්ගේ දැත් පිටුපසට කර බැඳ තිබූ බවද පොලිසිය ප්‍රකාශ කළා.

“අම්මා අපව අතහැර ගිය නිසා දිවි නසා ගන්නා බවට” දියණියක විසින් ලියන ලද ලිපියක්‌ ද පොලිසියට හමු වු බවයි වාර්තා වන්නේ.

මෙය දිවි නසා ගැනීමක්‌ද එසේත් නැතිනම් ඝාතනයක්‌ ද යන කරුණු ඔස්‌සේ පොලිසිය මේවනවිට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මියගිය සියලු දෙනාගේ අවසන් කටයුතු අද සිදු කළ අතර එම දේහයන් මිහිදන් කෙරුනේ ඔවුන් ජීවත්ව සිටි නිවස ඉදිරිපිටයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site